ඇස් ඇරන් හිටියාට ලෝකයම දෙස බලා
නොපෙනුනා සේ ඉන්නවා ලොවට සෙතසලා
හිතේ දුක තද කරන් හිටියාට හිත පෙලා
අම්මෙ මං මහ හුගක් පව් කරන්නැති එදා
සිදුහත්ලා නෑ මෙහේ මගේ හිත සනසන්න
දෙව්දත්ලා නම් ඉන්නවා අම්මෙ සෑහෙන්න
ජීවිතේ ඇයි දෙන්නෙ මේ තරම් දුක් දෝම
ඉරත් අවරට ගිහින් ඒත් සද නෑ තාම
කවද හරි හොද කලක් ඒවි යැයි කිව්වාට
ඇයි මේතරම් කලක් නාවෙ ඒ සුබ දවස
උඩ ඉන්න දෙයියොවත් බලන්නෑ මේ පැත්ත
ඇයි අම්මෙ නුඹ මාව විසි නොකලෙ කලු ගගට
No comments:
Post a Comment